Pinnawala Elephant Orphanage – 51 වන සංවත්සරය සමරයි.

Pinnawala Elephant Orphanage – 51 වන සංවත්සරය සමරයි.

වර්තමානයේ ​පරිසර අමාත්‍යාංශයෙහි විෂය පථයට අයත් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට යටතේ පාලනය වන පින්නවල අලි අනාථාගාරය 2026 පෙබරවාරි 16 වන දින සිය 51 වන සංවත්සරය උත්සවාකාරයෙන් සමරනු ලැබීය.

මෙම උත්සවය පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.සී. රාජපක්ෂ මහතා, අධ්‍යක්ෂ මෙහෙයුම් අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය, අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ම්හිරාන් මැදවල මහතා ඇතුළු කාර්ය මණ්ඩලය, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ මහතා, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශයේ පෙරපාසල් සිසුන් පිරිසක්ද සහභාගී වූහ.

“නිදහස් අලි අරණ” විවෘත කිරීම

51 වන සංවත්සරය නිමිත්තෙන් නවීන සත්ත්ව සුබසාධන සංකල්ප අනුව ඉදිකළ “නිදහස් අලි අරණ” අද පෙරවරුවේ විවෘත කෙරිණි. ආසියානු පිරිමි අලින් ලිංගික පරිණතත්වයට පැමිණි විට “මද” (Musth) ලෙස හැඳින්වෙන කාල පරිච්ඡේදයකට පිවිසීම සාමාන්‍ය ලක්ෂණයකි. එවැනි අවස්ථාවල ඔවුන් ආරක්ෂිතව හා විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය වේ.

එම අවශ්‍යතාව සපුරාලමින්, වැඩිහිටි පිරිමි අලින් නිදහසේ හා ආරක්ෂිතව තැබීම සඳහා මෙම “නිදහස් අලි අරණ” ස්ථාපිත කර ඇත.

සමරු වැඩසටහන්
වත්මන් රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තිය යටතේ ක්‍රියාත්මක “සොබාමත් ශ්‍රී ලංකාවක්” වැඩසටහන සමඟ සම්බන්ධව, “තිරසර ජෛව ලෝකයක් – සදාහරිත ජීවිතයක්” යන තේමාව යටතේ පරිසර අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය නිර්මාණය කළ සමරු කාඩ්පත පෙරපාසල් දරුවන් වෙත පිරිනමන ලදී.

එමෙන්ම, 51 වන සංවත්සරය සමරමින් මධ්‍යස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමද සිදු කෙරිණි.

ඉදිරි වැඩසටහන්
මෙම සංවත්සරය සමඟාමීව අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් සහ කාර්ය මණ්ඩල සුබසාධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. අලි රැකවරණ තාක්ෂණය හා විද්‍යාත්මක කළමනාකරණ ක්‍රමවේද තවදුරටත් දියුණු කිරීම මධ්‍යස්ථානයේ ප්‍රධාන අරමුණ වේ.
Previous Small actions. Big impact. Keep the Zoo Clean. Keep Nature Alive.

Leave Your Comment

Department of National
Zoological Gardens

120 Anagarika Dharmapala Mawatha,
Dehiwala-Mount Lavinia Sri Lanka
Mon – Sun: 8:30 am – 5:00 pm

City Map View

Copyright © 2026 by Department of National Zoological Gardens. Website by Cloud Syntex