🗓️ 2026 නව වර්ෂය සඳහා රාජකාරි ආරම්භ කිරීමේ උත්සවය අද දින පින්නවල අලි අනාථාගාරයේ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පැවැත්විණි 👥.
එහි දී පළමු ව කිරි ඉතිරවීම සිදු කරන ලද අතර ඉන් පසු ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කරන ලදී. ⏳ ඉන් අනතුරුව ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හා දේශය වෙනුවෙන් දිවි කැප කළ සියලු ම දෙනා සැමරීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරන ලදී.
අලි අනාථාගාරය කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් රාජ්‍ය සේවා ප්‍රතිඥාව/ දිවුරුම 📜 ලබා දීම ඉන් අනතුරුව සිදු කෙරිණි. ඉන් පසු නියෝජ්‍ය අධ්‍යක්ෂ සියලුම කාර්ය මණ්ඩලය වෙනුවෙන් නව වසරට සුභාශිංසන එක් කිරීම සිදු කරන ලද අතර පරිපාලන නිලධාරි විසින් වත්මන් අභියෝග ජය ගැනීම සඳහා හඳුන්වා දී ඇති රාජ්‍ය ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ පිළිබඳවත්, එකී අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා රාජ්‍ය නිලධාරියාගේ දායකත්වය පිළිබඳවත් කථාවක් පැවැත්වීමත් සිදු කෙරිණි 🤝.
ඉන් අනතුරුව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සුභසාධක සංගමය විසින් වාර්ෂිකව ආයතනයේ කාර්ය මණ්ඩලය වෙත ලබා දෙන තිළිණපත් පිරිනැමීම සිදු කර 🎁 කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් වෙත තේ පැන් ☕🍪 සංග්‍රහයක් සිදු කර 2026 නව වර්ෂය සඳහා රාජකාරි ආරම්භ කිරීමේ උත්සවය නිමා කෙරිණි ✅✨.
🌼🎆 ලැබුවා වූ 2026 වර්ෂය ඔබ සැමට සුබ නව වසරක් වේවා!! 🌼🎆